Sunday 9th of November 2025

English Tamil
Advertiesment


ගෝඨාභය පසුපස සෙවනැල්ල වගේ යන අනුර


2025-10-24 1243

 

අනුර කුමාර බලය ගන්නවත් එක්ක ගොඩක් අය වගේම රටේ රාළත් කිව්වේ මේක ගෝඨාභය part 02 පාලනයක් වෙයි කියලයි. රටේ රාළ තවමත් ඉන්නේ ඒ ස්ථාවරයේ.සමහරවිට ගෝඨාභයටත් එහාට ගිහින් නතරවෙන්නත් බැරිකමක් නෑ.දැන් අනුර ඇවිත් අවුරද්දක් සම්පුර්ණයි.ගෝඨාභය බලය ගන්නේ යහපාලන ආණ්ඩුව පෙරලලා.යහපාලනය ආණ්ඩුව බලය දීලා යනකොට රටේ ආර්ථික කඩාගෙන වැටිලා තිබුණේ නෑ.රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් අදායම්,වියදම් සහ ණය ගැනීමේ හැකියවක් තිබුණා.

සැලකිය යුතු විදේස් වත්කම් සංචිතයක් තිබුණා. ඩොලර් බිලියන පහක විතර සංචිතයක් රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙන් ඉතිරි කරලා ගිහින් තිබුණා. ගෝඨාභය ආපු ගමන් කළේ රජයේ බදු ආදායම අඩු කරගැනීමයි.එතනින් තමයි කඩා වැටීම පටන් ගත්තේ.අනුරට රනිල්ගෙන් හම්බවුනෙත්ඡ බංකොලොත් උන රටක් නෙවෙයි.

කලින් බංකොලොත් වෙලා තිබිලා බංකොලොත්භාවයෙන් මුදවලා දුන්න රටක්,සෘණ ආර්ථිකයක් තිබුණ රටක් ධන ආර්ථිකයක් බවට පත්කරලා දුන්න රටක්.5.2% ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත්ත රටක්.73% දක්වා ඉහල ගිහින් තිබුණ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් දුන්න රටක්.ඒක නිසා තවදුරටත් පවත්වාගෙන යන්න බැරි රටක් ගෝඨාභයටවත් අනුරටවත් හම්බවුනේ නෑ.අනුර බලයට එන්න ඉස්සෙල්ලා බදු ගැන ලොකුවට කතා කළා.

ජනතාවට බදු සහන දෙනවා කිව්වා.අත්‍යවශ්‍ය ආහාර,පාසැල් උපකරණ වගේ දේවල් සම්පුර්ණයෙන්ම බදුවලින් නිදහස් කරනවා කිව්වා. ඉන්ධන මත දාලා තියන බදු සහ ඒ වෙනකොට හිටිය ඇමැතිගේ සාක්කුවට ගිය කොමිස් කුට්ටි නතර කරලා ජනතාට සහන දෙනවා කිව්වා.හැබැයි ඒ කිසිම සහනයක් ජනතාවට හම්බවුනා නෑ.ඒ වෙනූවට විදුලි බිල,ජල බිල වගේ ඒවා අඛණ්‌ඩව වැඩිවුනා.බදු ප්‍රතිපත්තියේදී ගෝඨාභය සහ අනුර ජනතාවට දුන්නේ එකම පොරොන්දුවක්.

හැබැයි අනුර කළේ බදු අඩු කරනවා වෙනුවට ජනතාව තවත් වැඩි වැඩියෙන් සුරාකන එකයි. මෙතනදී අනුර ගෝඨාභය වගේ රජයේ බදු ආදායමට පහල දා ගත්තේ නෑ.ඒ වගේ රනිල් හදලා ගිය බිලියන 6.1ක විදෙස් වත්කම් සංචිතය අවශ්‍ය ප්‍රමාණයට වර්ධනයට කරගන්න අසමත් උනත් ඒ සංචිතය වට්ටන්නේ නැතිව තවම පවත්වාගෙන යන්න අනුර සමත්වෙලා තියනවා.මේ වර්ෂය අවසන් වෙනකොට අපි අත්පත් කරගන්න ඕනි ආර්ථික සංවර්ධන වේගය අත්පත් කරගන්න බෑ.

රනිල් ගෙනත් තිබ්බ 5.1%ක සීමාවට එන්න බෑ. දැනට කියන්නේ 4.6%ක වගේ ආර්ථික වර්ධන වේගයක් ගනි කියලයි.ඒ කියන්නේ රනිල් ගෙනත් තිබ්බ ආර්ථික වර්ධන වේගයත් එක්ක සංසන්දනය කරද්දී එන්නේ සෘණ අගයක්.ඒ වගේම මේ වසර අවසන් වෙනකොට අපි ළඟ තියන්න ඕනි වත්කම් සංචිතය ඩොලර් බිලියන 7.2ක්.ඒ ඉළක්කයට අපිට කීයටවත් ළඟා වෙන්න බෑ.මේ අනතුරු ඇඟවීම සම්බන්ධව විපක්ෂ මන්ත්‍රි රවී කරුණානායක මුල ඉදන්ම අනතුරු ඇඟෙව්වා.

රවීලා මේ ආණ්ඩුවේ ආර්ථික කලමණාකරණයේ තියන දුර්වලතා සම්බන්ධව කියපු කතා ඇත්ත බව පිලිගන්න වෙලා.මුලදීම රවී කියපු පිලියම් යෙදුවා නම් අඩුම ගානේ ඉලක්කයට ළංවෙන්න හරි තිබුණා.ගෝඨාභයගේ පලවෙනි අවුරුද්ද කියන්නේ කොරෝනා වසංගතයත් එක්ක ලොකු සටනක් දෙමින් යන්න උන අවුරුද්දක්.ඒක නිසා අනූරගේ පලවෙනි අවුරුද්දට වැඩිය දුෂ්කර කාලයක් ගෝඨාභයට පලවෙනි අවුරුද්දේ පහුකරන්න සිද්වුනා.ගෝඨාභය සහ රාජපක්ෂ පවුල අතර හොඳම සම්බන්ධයක් තිබුණේ නෑ.

රාජපක්ෂ පවුල සහ ගෝඨාභය අතර යම් මත ගැටුම් නිර්මාණයවෙලා තිබුණා.විශේෂයෙන්ම බැසිල්ගෙන් ආපු බලපෑම ගෝඨාභය පාලනය ඇතුලේ ප්‍රතිවිරෝධතා හැදෙන්න තදින්ම බලපෑවා.ඒ වගේම අනුර බලය ගන්නවත් එක්ක අනුර සම්බන්ධ ජනතාව තියලා තිබුණ විශ්වාසය කඩවෙන්න අනුරගේ මුසාවාදය වගේ පැලවත්තේ මුසාවාදත් බලපෑවා.එදා ගෝඨාභය රාජපක්ෂ පවුලේ හැසිරීමෙන් උන හානියට සමාන හානියක් පැලවත්ත විසින් අනුරට කරලා තියනවා.

අනුර රටට මොන බොරුව කිව්වත් පැලවත්ත, මාලිමාව සහ තමන් අතර තියෙන බල අරගලය පිටතට එන්න නොදී තවමත් වහගෙන ඉන්නවා. අනුර රටේ ආර්ථිකය සම්බන්ධව කිසිම වැඩපිලිවෙලක් කළේ නෑ.අනුර කළේ රනිල්ගේ IMF විස්තීර්ණ ණය වැඩසටහන පවත්වාගෙන යන එකයි.යම් යම් අසාර්ථකතා මැද්දේ උනත් තවමත් අනුර ඒක පවත්වාගෙන යනවා.දැන් අනුර තමන්ගේම දෙවෙනි අවුරද්ද පටන් අරන්.අනුර තමන් ඉදිරිපත් කරන දෙවෙනි අයවැයක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනවා.

ඇත්තටම 2026 අවුරද්ද අනුරට සහ මාලිමාවට කොහොම වෙයිද?මිට කලින් රටේ රාළ මේ සම්බන්ධව පුරෝකථනයක් කරලා තියනවා.රටේ රාළ කියන්නේ ඉදිරි මාස දහය අනුරට තීරණාත්මකයි කියලා.ඒ මාස දහය ඇතුලේ අනුර තෝරණ උපක්‍රම අනුව අනුරගේ ගමන තීරණය වෙනවා.කොහොම උනත් මේ මාස දහය අතිශයින් දුෂ්කර මාස දහයක්.ජවිපෙ බැරිකම වහගෙන මිනිස්සුන්ට පාට් එක දාගෙන මේ යන උද්දච්ච ගමන නං අනුරලා තවදුරටත් යන්න හදන්නේ මේ මාස දහය ඇතුලත මාලිමාවේ අයට ජනතාවගෙන් ගුටිකනවා.

අනුරගේ දෙවෙනි අවුරද්ද පටන් ගන්නෙම රිවස් කිරීම් ගණනාවක් මැද්දේ.දණ්ඩ නීති සංග්‍රහයට අදාලව ගෙනාපු පනත අනුරට අකුල ගන්න වුනා.ඒ වගේම LGBTQ ප්‍රවර්ධනය කරන වැඩසටහනකට සංචාරක මණ්‌ඩලයෙන් දුන්න ලිපිය අනුරට අකුල ගන්න උනා.ඒ වගේම අවසන් කෙටුම්පතක් නැතිව දැනට ආණ්ඩුව කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිවෙලාවේ අකුලගන්න ලක්වෙයිද කියන්න බෑ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ දැවැන්ත වැඩක්.ඒක ගැන මේ ආණ්ඩුවට තේරෙන්නේ නෑ.

ඒ ගැන හොඳටම දන්න කෙනෙක් තමයි හිටපු ඇමති ලසන්ත අලගියවන්න.චන්ද්‍රිකා ගෙනාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල විශාල කාර්යයකට දායක වුන කෙනෙක් තමයි ලසන්ත.කොහොම හරි අයවැයෙන් පස්සේ අනුර යන්නේ ඉතා අවධානම් කලාපයකට.කාටහරි කියන්න පුලුවන් අයිඑම්එෆ් එක තියනවනේ කියලා.ඔව් මෙයාලා IMF වැඩපිලිවෙල අයින් කරන්න හීනෙන්වත් හිතන්නේ නෑ.හැබැයි මෙතනින් එහාට එන්නේ අයිඑම්එෆ් එකේ නීරසම කොන්දේසි.

ඒවා කරන්න යද්දී අනුරට සහ ආණ්ඩුවට දැවැන්ත ජනතා විරෝධයක් එන එක නවත්තන්න බෑ.එදාට අනුරට හිතෙයි රනිල් දිලා තියෙන්නේ ලෝක ලණුවක් කියලා.අනුර සහ ගෝඨාභය සන්සන්දනය කරද්දී තවත් වැදගත් කතාවක් තියනවා.ගෝඨාභය දැඩි ලෙස ජනතාවගේම අප්‍රසාදයට පාත්‍ර උනේ ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය හින්දයි.දැන් නං ගෝඨාභය හිතෙනවා ඇති ඒ වැඩේට අත නොගහා හිටියා නම් හොඳයි කියලා.අනුරටත් ඒහා සමාන වැඩපිලිවෙලක් තියනවා.

ඒ තමයි Clean Sri Lanka වැඩපිලිවෙල.ඒකටත් අත්වෙන්නේ ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතියට අත්වුන ඉරණමම තමයි.දැනටමත් අනුර Clean Sri Lanka හරහා අප්‍රසාදයට පත්වෙල ඉවරයි.Clean Sri Lanka එකට උනේ පුදනකොටම කාපි යකා වගේ වැඩක්.

 

- රටේ රාළ -
Advertiesment